සජිත් බෑ කියයි


දකුණ හා බස්නාහිර පළාත් සභා මැතිවරණයට නාම යෝජනා මණ්ඩලයෙහි සාමාජිකයකු හැටියට කටයුතු කිරීමට නොහැකි බව තමා පක්ෂ නායකත්වයට දැන් වූ බව හම්බන්තොට දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා කියයි.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඡන්ද වැඩට තම මුළු ශක්තියම යොදා ඇති බැවින් මෙම තීරණය ගත් බවත් ඒ බව පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට මීට සතියකට පෙර දුරකථන මාර්ගයෙන් දැනුම් දුන් බවත් පේ‍්‍රමදාස මහතා පවසයි.