සජිත් පිල සමගි ජනබලවේගයෙන් මහ මැතිවරණයට


සමගි ජනබලවේගය නමින් සියලු සන්ධාන නායකයින්ගේ ආශිර්වාද ‍යටතේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සියළු සන්ධාන නායකයින් මහ මැතිවරණයට එළඹීමට තීරණය කර තිබේ. 

එලඹෙන මාර්තු 2 වැනිදා අවබෝධතා ගිවිසුමකින් සියළුම සන්ධාන නායකයින්ගේ අත්සනින් යුක්තව නව සන්ධානයේ කටයුතු ආරම්භ වීමට නියමිතය. 

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මෙම සන්ධානයට එකතු වීමට විශාල පක්ෂ සංඛ්‍යාවක් මේ වනවිට සිය කැමැත්ත පලකර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. 

මෙම සන්ධානයේ නාමයෝජනා සඳහා ඉල්ලුම්පත්‍ර හෙට (26) සිට කැඳවීමට නියමිතය.