සජිත් කාදිනල්තුමා හමුවෙයි.


එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹ රදගුරු නිවසේදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මුණ ගැසුනේය. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවත්, සර්ව ආගමික සිද්ධස්ථාන වලට අනුග‍්‍රහය දැක්වීමේ ව්‍යාපෘතිය පිළිඳවත් ඔහු එතුමා දැනුම්වත් කළේය. බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීන් වන රෝස් ප‍්‍රනාන්දු සහ ජෝර්ජ් පෙරේරා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.