
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
මාවීඇල මොරගනේ ප්‍රදේශයේ පිහිටි සමගි ජන බලවේගය කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයට ආරාධනා නොකළැයි කියමින් කඩුවක්ද රැගෙන එම ස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු එහි සිටි තිදෙනකුට කඩුවෙන් පහරදීම නිසා ඔවුන් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කුලියාපිටිය කටුපොත පොලිසිය පවසයි.
කඩුවෙන් කෙටු බව කියන මීගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයක් විවෘත කර ඇති බව දැනගත් මෙම පුද්ගලයා එම කාර්යාලය පිහිටි ස්ථානයට කඩුවක් ද අතැතිව කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.
පක්ෂ කාර්යාලය විවෘත කරන බව තමාට කිව්වේ නැත්තේ මන්දැයි කියා විමසමින් එම පුද්ගලයා එතන සිටි අය සමග ආරවුලක් ඇති කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

