සඟ සමුළුවට ලන්ඩනයෙන් තුන් නමක් By None // 2012 දෙසැ 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දුනීසියාවේ මෙදාන් නගරයේදී ලබන හයවැනිදා පැවැත්වීමට නියමිත ලෝක බෞද්ධ සංඝ සම්මේලනයට එංගලන්තයේ ශ්‍රී ලංකා විහාරස්ථාන නියෝජනය කරමින් හිමිවරුන් තුන් නමක් වැඩම කිරීමට නියමිතය. ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමි සහ බර්මින්හැම් ජේතවන විහාරාධිපති කැප්පිටියාගොඩ ගුණවංස නාහිමි ඒ තුන් නම වෙති. ලෝක සංඝ සභාව සංවිධාන කරන නව වැනි ජාත්‍යන්තර සම්මේලනය මෙයයි. 1966 කොළඹදී ඇරැඹුහ. ලෝක සංඝ සභාව රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ක‍්‍රියාත්මක වෙයි. එමගින් බලාපොරොත්තු වන්නේ බුදුදහමේ චිරස්ථිය උදෙසා විවිධ රටවල සංඝයා වහන්සේ සහ බොදුණු සංවිධාන අතර සහසම්බන්ධතාවයක් ඇති කිරීමයි. මෙම අරමුණු ඉටු කරගැනීමෙහිලා ලෝක සංඝ සභාව නිරන්තරයෙන් විධිමත් වැඩ සටහන් රාශියක් ජාත්‍යන්තරව ක‍්‍රියාත්මක කරයි. ලෝක සංඝ සභාව ථෙරවාද, මහායාන සහ වජ්‍රඥාන සම්ප‍්‍රදායන් අනුගමනය කරන භික්ෂූන්ගෙන් සමන්විතය. මහා බි‍්‍රතාන්‍යය ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 25ක භික්ෂූන් වහන්සේ ඊට ඇතුළත් වෙති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත