සක්විතිට එරෙහිව උසාවිය ළඟ විරෝධතා


සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය කුමාරි අනුරාධනීට එරෙහිව සක්විති මූල්‍ය සමාගමේ තැන්පත් කරුවන්ගේ සංගමය නුගේගොඩ ගංගොඩවිල අධිකරණය අසල අද උදෑසන විරෝධතාවයක් පැවැත්වීය. සක්විති රණසිංහ අද කැමරාවලින් වසන්වීමට බොහෝඋත්සහා ගත්තේය. 2008දී ඔහු තැන්පත් කරුවන්ගේ රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් වංචා කළැයි නඩු පවරා ඇත. ඔහු හා බිරිය රිමාන්ඩ් බාරයේ පසු වෙති.