සිතිජය හෝම්ස් හා රජගෙදර හොම්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් හා තවත් ව්‍යාපාර මගින් දහස් ගණනකගේ මුදල් වංචා කළැයි කියන චාමර නුවන් නම් පුද්ගලයකු යටතේ සේවය කළ කළමනාකාරවරියක හා අධ්‍යක්ෂකවරයෙක් කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා විසින් ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ගමගේ ලක්ෂිකා රූපසිංහ හා ඒ ජී ප්‍රියන්ත සිසිර කුමාර ඒ දෙදෙනාය.
නිවාස ඉදි කැර දෙන බවටත් ඉඩම් විකුණන බවටත් රට රැකියා ලබා දෙන බවටත් පොරොන්දු වී මෙම ආයතන වලින් දහස් ගණනකගේ මුදල් වංචා කර ඇතැයි මිරිහාන වංචා විමර්ශන අංශය අධිකරණයට දැන්වීය
ප්‍රධාන සැකකරු චාමර නුවන් ආගිය අතක් නැතැයිද ඔහු සක්විති රණසිංහ යටතේ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කර ඇතියිද සිතිජය හෝම්ස් හා රජගෙදර හෝම්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම් අරඹා ඇත්තේ සක්විති රණසිංහ අත්අඩංගුවට ගැනීමෙන් පසු බවත් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
වැඩි පොලී දෙන බව කියමින් මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගිය සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය රුපියල් කෝටියකට වැඩි තැන්පතු වංචා කළැයි ගංගොඩවිල මහෙස්ත්‍රාත් උසාවියේ නඩුවකට මුහුණ දෙති.