(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍යයක ගෙන එනු ලබන පුද්ගලයින්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හා මත්ද්‍රව්‍ය විකුණනු ලබන පුද්ගලයින් පාලනය කිරීම සදහා තාක්ෂණික හා අනෙකුත් අවශ්‍ය සහාය ලබා දීමට සන්නද්ධ ශක්තිය පාලනය කිරීම පිළිබදව ජිනීවාහි අන්තර්ජාතික ආරක්ෂක අංශයේ උපදේශාත්මක කණ්ඩායම් කැමැත්ත පළ කර ඇත.
ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති හීන්ස් වෝකර් නෙදර්කොම් මහතා හා සන්නද්ධ ශක්තිය පාලනය කිරීම පිළිබඳව ජිනීවාහි අන්තර්ජාතික ආරක්ෂක අංශයේ උපදේශාත්මක කණ්ඩායම අධිකරණ හා විදේශ රැකියා කටයුතු ඇමැති තලතා අතුකෝරල මහත්මිය සමඟ අධිකරණ අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවක දී මේ බව දන්වා ඇත.
සංවිධානාත්මක අපරාධ මර්දනය කිරිම, නීතිවිරෝධි අවිධිමත් සංක්‍රමණ,අන්තර්ජාතික අපරාධ වැනි කරුණු වලදී ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබාදෙන බව මෙහිදී එම නියෝජිත පිරිස පැවසූ බව අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරිම සඳහා රජය විසින් පිහිටුවා ඇති අධිකාරියේ කටයුතු සදහා තාක්ෂණික සහාය ලබාදීමට ද එම නියෝජිත පිරිස කටයුතු කර ඇත.
යුක්තිය පසිදලීමේ කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම නඩු ප්‍රමාදය අවම කිරිම සඳහා අණ පනත් සංශෝධනය ආදී කරුණු පිළිබදව මෙහිදි අමාත්‍යවරිය විසින් එම නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.
මෙරට අධිකරණ නිලධාරීන්ගේ සංඛ්‍යාව නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කටයුතු සාර්ථකව හා කාර්යක්ෂමව සිදු කරන ආකාරය පිළිබදව මෙහිදි සාකච්ඡා විය.
ජිනීවා මධ්‍යස්ථානය ස්විට්සර්ලන්ත රජය විසින් 2000 වසරේ ඔක්තෝබර් ස්ථාපිත කර ඇති අතර හවුල්කාර රාජ්‍යයන්ට අන්තර්ජාතික මූලධර්ම සහ දේශිය වශයෙන් උපයෝගී කර ගත හැකි වඩාත් හොද පරිචයක් ළගාකර ගැනිමට ප්‍රතිසංස්කරණ සිදු කිරීම, රාජ්‍යන්ගේ ආරක්ෂක අංශයන්හි පාලනය වැඩි දියුණු කිරීම සඳහා සහාය දැක්වීම සිදු කරයි.
අභ්‍යන්තර ගැටුම් වලින් බලපෑමට ලක් වු රාජ්‍යයන්ට ආරක්ෂාව සැපයීම, යුක්තිය ඉටු කිරීම සඳහා ප්‍රායෝගික වශයෙන් සහාය ලබාදීම, සන්නද්ධ ශක්තිය පාලනය කිරීම පිළිබඳව ජිනීවාහි අන්තර්ජාතික ආරක්ෂක අංශයේ උපදේශාත්මක කණ්ඩායම විසින් සිදු කරයි.


