(ඉන්දිකා රාමනායක)
මහනුවර, පුෂ්පදාන මාවතේ නිවසක් අවි සමග සංවිධානාත්මක අපරාධ කරුවන් 5 දෙනෙක් ගිනි අවිය තුනක් සහ බතරොම් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
මොවුන් සතුව පිස්තෝලයක්, රිවෝල් ගිනි අවියක්, රිපීටර් වර්ගයේ ගිනි අවියක්, පිස්තෝල හා රිවෝල් සදහා භාවිතා කරන පතරොම් 30 ක්, බෝර 12 පතරොම් 10 ක්, කඩු තුනක්, තිබු බව පොලිසිය කියයි.
මහනුවර කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් ගංජා වැටලීමක් සදහා මෙම නිවසට ගොස් පරීක්ෂා කිරීමේ මෙම ගිනි අවි සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර ප‍්‍රදේශයේ පදිංචිකරුවන වු මෙම සැකකරුවන් අද (21) මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.