(බිඟුන් මේනක ගමගේ )
අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීමේ දී උපාධිය ලබාගත් දින සිට 2017.09.08 දින දක්වා පෞද්ගලික, රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය අංශවල රැකියාවක් නොකළ බවට දිවුරුම් ප්‍රකාශ ලබාගැනීමේ කොන්දේසිය ඉවත්කරන්නැයි සංවර්ධන නිලධාරි සේවා සංගමය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.
සංවර්ධන නිලධාරී තනතුරට බඳවාගැනීමේ පූර්ව අවස්ථාව ලෙස අභ්‍යාසලාභී පුහුණු කාලයට බඳවාගත් උපාධිධාරින් වසර එකහමාරකට වඩා එම පුහුණුව සම්පූර්ණ කර පසුගිය වසරේ අගෝස්තු මාසයේ තනතුරෙහි ස්ථිර කළ යුතුව තිබුණු නමුත් පැවැති ආණ්ඩුව එම කටයුතු සිදු නොකළේ යැයි සංවර්ධන නිලධාරි සේවා සංගමය චෝදනා කරයි.
එලෙස බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් සංවර්ධන නිලධාරී සේවයට පත්කිරීමට සලකා බැලීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමට 2020 පෙබරවාරී 07 සිට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවට මේ වන විට දැනුම් දී ඇතත් 2017.09.08 දින දක්වා තමන් පුද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ හෝ අර්ධ රාජ්‍ය සේවයේ කිසිදු ආයතනයක රැකියාවක නිරත නොවූ රැකියා විරහිත උපාධිධාරියෙකු බවට දිවුරුම් ප්‍රකාශයක් හෝ ප්‍රතිඥාවක් ඉදිරිපත් කළ යුතු බවට එහි සඳහන් කොන්දේසිය ගැටලුසහගත යැයි එම ලිපියේ සඳහන් වේ.
මෙවැනි තීරණයක් පැවති රජයේ හෝ වත්මන් රජයේ අමාත්‍ය මණ්ඩලය ගෙන ඇත්නම් ඒ පිළිබඳව සිය බලවත් විරෝධය පලකරන්නේ යැයි ද එය සමාජ සාධාරණත්වයට එරෙහිවීමක් යැයි ද සංවර්ධන නිලධාරි සේවා සංගමය පවසයි.

