සංධාන මැරයෝ දොස්තරට ගහති


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ආධාරකරුවන් පිරිසක් අනුරාධපුර දහයියාගම හන්දියේ දී අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමල හේරත්ට පහරදී බරපතල තුවාල සිදුකැර ඇතැයි රෝහල් ආරංචි කියයි. සංගීත සංදර්ශනයක් පැවැත්වෙන ස්ථානයක දොස්තරගේ කාරය නතර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බහින් බස් වීමක දී මැරයන් දොස්තරට පහරදී කාරයට ද අලාභයක් කැර ඇතැයි රෝහල් ආරංචි පවසයි.