සංදේශය


  • හැටන් වනරාජා වත්තේ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ කාන්තාවන් පස් දෙනකු ඇතුළු හය දෙනෙක් දික්ඔය රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය පවසයි.
  • උහන රට බීම හළකට රුපියල් 5000ක හොර නෝට්ටුවක් දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
  • රාජගිරියේ සුපිරි නිවාස සංකිර්ණයක පින්තාරු කිරිමට භාවිතා කළ සෝපානයක කම්බි කැඩීමෙන් 11 වැනි මහලේ සිට ඇද වැටුණු පුද්ගලයකු මියගොස් එක් පුද්ගලයෙක් තුවාල ලබා ජාතික රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය කියයි.
  • හංවැල්ල ආටිගල හන්දියේ දී යතුරුපැදියක් විදුලි කණුවක වැදීමෙන් ගාල්ලේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් මියගියේය.
  • හුංගම නෝනගම මාමඩල හන්දියේ දී හෙරොයින් පැකට් 24ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.