අද අළුයම කල්මුණේ තයින්දමරුදු ප්‍රදේශයේදී බස් දෙකක් ගැටීමෙන් තිදෙනෙක් මරුමුවට පත් වී 18 දෙනෙක් තුවාල ලදහ.
...................................................................................................................
වනාත විල්ලුවේදී කැලෑ පාළුවන් පිරිසක් වනජීවී නිලධාරීන්ට පහරදී හොරෙන් දැව තොගයක් පටවාගෙන ගොස් ඇති බව කියති.
...................................................................................................................
මැද පෙරදිග රැකියාවලට ගිය 80 දෙනෙකු පසුගිය මාස දෙකේදී මිය ගිය බවත් ඉන් 20 දෙනෙකු කාන්තාවන් බවත් දැනගන්නට ඇත.
ප්‍රචන්ඩ ක්‍රියා සහ අනතුරු නිසා මිය ගණන 28 කි. දිවි නසාගැනීම් 4 ක් ද ඊට ඇතුලත්ය.
...............................................................................................................
මාතලේ බලකඩුවේදි ලොරියක් අඩි 150 ක් පමණ ප්‍රපාතයකට පෙරලී එක් අයෙකු මරුමුවට පත් වී දෙදෙනෛකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි.

