සංජීව බණ්ඩාර උසාවි කැඳවයි


ඇප කොන්දේසි කඩ කළේදැයි සොයා බැලීම සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ලබන අට වැනිදා උසාවි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.

2012 අගෝස්තු මාසයේ උද්ඝෝෂණයකදී පොදු දේපළ වැනසීයැයි චෝදනා ලබා සිටි ඔහු ඇප මත නිදහස් කර ඇත්තේ යලිත් එවැනි දේට හවුල් නොවක කොන්දේසිය මත යැයි ද, ගිය මාසයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල විරෝධතාවකට නායකත්වය දීමෙන් ඔහු එම කොන්දේසිය කර ඇතැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය මහේස්ත්‍රාත්වරයාට දැන්වීය.

ඒ නිසා ඔහුගේ ඇප අවලංගු කරන්නැයි ඉල්ලා සිටියේය.

ඇප කොන්දේසි උල්ලංඝණය කළාද නැද්ද සොයා බැලීමට ඔහු උසාවි කැඳවන්නැයි මහේස්ත්‍රාත් නියෝග කළේය.