( තිළිණි ද සිල්වා )
කොවිඩ් නිසා බිදවැටුණු සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට දිස්ත්‍රක් මට්ටමින් සංචාරක සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව සංචාරක අමාත්‍යාංශය කියයි.
මෙරටට පැමිණෙන වාර්ෂික සංචාරකයන් ප්‍රමාණය මිලියන 07දක්වා ඉහළ දැමීමත්, එමඟින් වාර්ෂිකව රුපියල් බිලියන 10ක් ජාතික ආර්ථිකයට එක් කිරීමත් රජයේ අරමුණ බව බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා පවසයි.
ඒ සදහා අදාළ යෝජනා ලබා දෙන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දිස්ත්‍රක් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ යටතේ ඒ ඒ දිස්ත්‍රික්ක වල දැනටමත් ඇති සංචාරක කලාප සංවර්ධනය කිරීමටත් නව සංචාරක ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමටත් ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසද ඇමතිවරයා මෙහිදී දැනුම් දී ඇත.
ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන ලද සාකච්ඡා සහ ජනාධිපතිවරයාගේ ගම සමඟ පිළිසඳරක් වැඩසටහන් වලදී මතුවූ යෝජනා සඳහාද ප්‍රමුඛතාව හිමිවන බව සංචාරක අමාතයාංශය කීය.
කොවිඩ් එන්නත්කරණය ලොවපුරා සිදුකිරීමත් සමග ලෝකයේ සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වනු ඇතැයි විශ්වාස කරන බවද කියයි.ඒ අනුව මෙරට සංචාරක ව්‍යාපාරයද යථා තත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ සඳහා පූර්ව සූදානමක් ලෙස මෙම සංචාරක කලාප යටිතල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් හෙතම කීවේය..

