මේ වසරේදී විදෙස් සංචාරකයින් 12,50,000ක් ගෙන්වා ගැනීම රජයේ ඉලක්කය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය පවසයි.
තවද මෙරට හෝටල් කාමර 50,000ක් අලූතින් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මේ වසර තුළදී කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එම කාර්යංශය කියා සිටී. සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර මාධ්‍ය මගින් ප‍්‍රවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බවද ශ්‍රී ලංකා සංචාරක කාර්යංශය පෙන්වා දේ.
මේ අතර ඉකුත් වසරේදී සත්ත්ව උද්‍යාන නැරඹීම සඳහා මේ වනවිට විදේශීය සංචාරකයින් 194,260ක් පැමිණ ඇති අතර ඉන් රුපියල් පන්කෝටි විසිතුන් ලක්ෂයක ආදායමක් උපයාගෙන ඇත.

