ජාත්‍යන්තර වශයෙන් තම කලා නිර්මාණයක් එළිදැක්වීම ඕනෑම කලා ශිල්පියකුගේ ශිල්පිනියකගේ ලොකුම ලොකු බලාපොරොත්තුවකි. ඒත් මේ ලොකු බලාපොරොත්තු ඉටුකර ගැනීමේ අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැත. නමුත් පෙරළිකාර තාරුණ්‍යයේ ජනපි‍්‍රයත්වය ලද ගායන ශිල්පිනි අශාන්ති ද අල්විස් හට ඒ දුලබ අවස්ථාව ලැබී තිබේ. තාරුණ්‍යයේ ගායන ශිල්පිණියක ලෙස ඇයට මේ අවස්ථාව ලැබී තිබෙන්නේ ආසියාවේ ප‍්‍රමුඛතම සංගීත නිර්මාණ බෙදාහැරීමේ සමාගමක් වන ඉන්දියාවේ යුනිවර්සල් මියුසික් ආයතනය සමග එක්ව ගීත ඇල්බමයක් මුදා හැරීමත් සමගය. ඉංග‍්‍රිසි භාෂාවෙන් නිර්මාණය වූ මේ ගීත මේ වන විට ජාත්‍යන්තර සංගීත කරලියට එක් වී හමාරය. එහි එළිදැක්වීමේ උළෙල පසුගියදා සිදු කෙරිණ. ‘‘අශාන්ති රොක් ද වර්ල්ඞ්’’ (Ashanthi Rock the world ) නමින් ලෝකයට මුදා හැරී ඒ ගීත ඇල්බමයට අමතරව මේ තරුණ ගායන ශිල්පිණිය පසුගිය කාලය පුරා බටහිර සංගීත කරළියේ බොහෝ සම්මාන රැසක් දිනා ගනු ලැබුවාය.
ජාත්‍යන්තර සංගීත වේදිකාවට ගිය අශාන්ති.
|
අශාන්ති ඔබ කොහොමද මේ අවස්ථාව ලබා ගත්තෙ?
මගේ පළමු ගීත ඇල්බමය කළේ සෝනි මියුසික් සමාගම. නමුත් මගේ ගීත විතරක් ඇතුළත් ප‍්‍රථම ගීත ඇල්බමය කළේ යුනිවර්සල් මියුසික් සමාගමයි. එය පිහිටා තිබෙන්නෙ ඉන්දියාවේ මුම්බායිවලයි. එදා ඒ ගීත එකතුව කළ දවසේ සිට ඔවුන් සමග ලොකු සබඳතාවයක් ඇතිකර ගෙන තිබුණා. මේ ඉංග‍්‍රීසි ගීත ඇල්බමය ඉදිරිපත් කිරීම සඳහා ඉඩ ලැබුණේ ඒ අනුවයි.
යුනිවර්සල් මියුසික් ආයතනය ලෝකයේ ජනපි‍්‍රය චරිත සඳහා මේ විදියට නිර්මාණ එළි දක්වන ආයතනයක්ද?
ඉන්දියාවේ සිටින අංක එකේ ජනපි‍්‍රය චරිත වන සෝනු නිගම් ඇතුළු බොහෝ ශිල්පීන්ගේ සිට බටහිර අංක එකේ පොප් ගායිකා ලේඩි ගාගා, ජස්ටින් බීවර්, ජෙසී ජේ. ඇතුළු බොහෝ දෙනා වෙනුවෙන් නිර්මාණ එළිදැක්වූ ආයතනයක්.
මේ ගීත එකතුව නිර්මාණය කිරීමට ඔවුන් ඔබව විශේෂයෙන් තෝරා ගත්තෙ ඇයි?
මගේ රිද්මය බටහිර ආරට වඩාත් හුරුයි. මේ නිසා මටත් ඕනෑ වුණේ ලංකාවේ දෙයක් ලෝකයට මුදා හරින්නයි. ඉංග‍්‍රීසි භාෂාවෙන් අපටත් නිර්මාණ කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. මොකද බටහිර බොහෝ දෙනා හිතන්නෙ අපට එහෙම කරන්න බැහැ කියලයි. නමුත් ලෝක සංගීත කරළියේ ලොකු දෙයක් අපටත් කළ හැකි බව අප පෙන්නුම් කළා.
මේ නිර්මාණ එකතුව එළි දැක්වූ විදිය සහ ගීත නිර්මාණය වූ විදිය ගැන කතා කළොත්?
මෙහි අඩංගු ගීත බොහොමයක තනු සහ ගීත රචනා කළේ මම. බොහෝ ගීත නිර්මාණය කළේ මගේ ශබ්දාගාරයේ සිටයි. ශබ්ද සංකලනය කළේ ෂෙනාල් මද්දුමගේ. රංග දසනායක ස්වර සංයෝජනය කළා. (රොක් ද වර්ල්ඞ්) කියන මෙහි ගීත 10 ක් ඇතුළත්ය.
මේ ගීතවල ආකෘතිය මොන වගේද?
මේවා සියල්ලම වාණිජ ජනපි‍්‍රය අංශය කියලා කිව්වොත් නිවැරදියි. ඒවා ඇසෙන විට නර්තනය ගලා එන රිද්මයක් අඩංගුයි. තාරුණ්‍යය ඉලක්ක කර ගෙන කළ ගීත එකතුවක්. එක් ගීතයක් ශාස්තී‍්‍රය මට්ටමේ එකක්. රන්ධීර් සමග එක් යුග ගීතයක් ගැයුවා. තවත් ගීත දෙකක් සඳහා මැලේසියාවේ ප‍්‍රකට ශිල්පී රෙෂ්මෝනු සහ ඉන්දියාවේ බෙනී ගයාල් සමග ගැයුවා. ඊට අමතරව වෙනස්කම් තුනක් යටතේ ගීත ඇල්බම් එළි දැක්වූවා. තනිකරම ඉංග‍්‍රීසියෙන් ඉංග‍්‍රීසි සහ හින්දි සිංහල සහ දමිළ වශයෙන් එලෙස ඉදිරිපත් කළා.
මෙයින් පසු ඔබට බටහිර ප‍්‍රසංග වේදිකාවේ දොර ඇරේවිද?
දැනටමත් ඉන්දියාවේ යුනිවර්සල් මියුසික් සමාගම එක්ක ප‍්‍රසංගයකට ආරාධනා ලැබී තිබෙනවා. ඇත්තටම බටහිර ප‍්‍රසංග වලටත් ආරාධනා ඒවි. අපට ලොකු දෙයක් කරන්න පුළුවන් බව මට විශ්වාසයි.
මෙම ගීත එකතුවේ ඔබ දකින සුවිශේෂි වෙනස කුමක්ද?
අනෙක් ඇල්බම් සියල්ල දිහා බලනවිට මෙහි ඉදිරිපත් කිරීමේ ශෛලියේ සිට රිද්මය සියල්ල වෙනස්. මෙය ඇත්තටම ලොකු අත්දැකීමක්. ලොකු වෙනසක් කියලයි මට හිතෙන්නෙ. ජාත්‍යන්තර මාකට් එක ගැන හිතලාම කළ ගීත එකතුවක්.
ඉංග‍්‍රීසි ගීත ඇල්බමයක් ජාත්‍යන්තරයට මුදාහළ ප‍්‍රථම ශිල්පිනිය ඔබද?
ලංකාවේ ශිල්පිනියක් ජාත්‍යන්තරයට ඉංග‍්‍රීසියෙන් ගීත එකතුවක් කළ ප‍්‍රථම අවස්ථාවයි.
කොහොමද පුද්ගලික ජීවිතේ තොරතුරු?
මෙයින් පසුව සිංහල ගීත එකතුවට ලෑස්ති වන නිසා ශබ්දාගාරයේ තමයි වැඩිපුර කාලය ගෙවෙන්නෙ
වැඩිපුර ඔබ ගයන්නෙත් ආදරය තේමා කරගත් ගීතයි. පුද්ගලික ජීවිතයට සමීපව ආදරය ගැන විමසුවොත්
දැනට පවතින ආදරයක් නැහැ. ඒ නිසා හරියටම ඒ ගැන කියන්න බැහැ. පෙම්වතෙක් නැහැ.
ඇයි නැත්තෙ?
ආදරයක් තිබුණා. දැන් නැහැ.
ආදරය ඔබ දකින්නෙ මොන විදියටද?
හරිම සුන්දර දෙයක්. අනිවාර්යයෙන්ම විඳින්න ඕනෑ දෙයක්. නැත්නම් ජීවිතයට රසයක් අරුතක් නැහැ.
ජීවිතේ ගැන හිතෙන්නෙ කොහොමද?
ඉලක්කයක් තිබිය යුතුයි. 2012 පටන් ගනිද්දි මේ ඉලක්කයට යනවා කියන අරමුණ තිබුණා. ජාත්‍යන්තර වශයෙන් සම්මානත් ලැබුණා. ඒ නිසා හරිම සතුටුයි. ඉංග‍්‍රීසි ගීත එකතුවක් ලෙස ජාත්‍යන්තරයට යන්න ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීම මගේ අරමුණයි.
මේ නිසා සෑහෙන්න මුදල් එහෙමත් ඇති නේද?
කලාව කියන්නෙ මුදල් මතම හඹා යන දෙයක්. නෙවෙයි. සංගීතය කියන්නෙ මගේ මුළු ආත්මයයි. ජීවත් වෙන්න මුදල් ඕනෑ. ඒත් මම ගීත නිර්මාණය කරන්නෙ මුදල් පරමාර්ථ කරගෙන නෙවෙයි. ලෝකයට නිර්මාණයක් කරලා රට නියෝජනය කිරීම තරම් පිනක් තවත් නැහැ.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ