ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපළේදී මැයි 8 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට අශිෂ්ට හා නොහොබිනා විදියට සැලකූ බව කියන ආගමන නිලධරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බව බ්‍රිතාන්‍ය ස්වදේශ අමාත්‍යංශය පවසයි.
සංගක්කාර තමාට සිදුවූ හිරිහැර ගැන ඔහුගේ ට්විටර් වෙබ් අඩවියේ සටහන් තැබීය. එයින් මාධ්‍ය ගින්නක් ඇවිලී ගියේය.
සරේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඔහු එහි ගොස් ඇත.
බ්‍රිතාන්‍ය ස්වදේශ අමාත්‍යංශය කියා ඇත්තේ තම නිලධරයන් හැමවිටම ආචාරශීලී ලෙසත් සුහද ලෙසත් කටයුතු කළ යුතු බවයි. සංගක්කාරගෙන් පැමිණිල්ලක් ලැබුණු පසුව ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බවත් ඔවුන් කියයි.

