සංගක්කාරට යළිත් ද්විත්ව ශතකය අහිමිවෙයි


ගාල්ලේදී ලබාගත නොහැකි වූ ද්විත්ව ශතකය එස්. එස්. සී. පිටියේදීත් අහිමි කරගත් කුමාර් සංගක්කාර ලකුණු 192 කට දැවී යාම නිසා කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වූ අද (4 වැනිදා) දිවා ආහාරයෙන් පසුව ශී‍්‍ර ලංකා පිල ලකුණු 391 කට දැවී ගියේය. පළමු ඉනිමේදී ලකුණු 160 ක් ඉදිරියෙන් සිටින පාකිස්තානු පිල දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දීමට පිටියට පිවිසියේය.