සංගක්කාරගේ ස්ථානයට තිරිමාන්න එයි


ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී කුමාර් සංගක්කාර කී‍්‍රඩා කළ පිතිකරු ස්ථානයට ළහිරු තිරිමාන්න කැඳවන බවත්, කඩුලූ රැුකීමේ අවස්ථාව දිනේෂ් චන්දිමාල්ට හිමිවන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් මහතා පවසයි. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී හෙට (31) පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ෆෝඞ් මහතා අද (30) පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය. කුමාර් සංගක්කාර වෙනුවට ටෙස්ට් පිලේ නිත්‍ය කඩුලූ රකින ක‍්‍රීඩක ප‍්‍රසන්න ජයවර්ධන කැඳවීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයට ශ්‍රී ලංකා පුහුණුකරු මෙසේ පැවසීය. ”ප‍්‍රසන්න විශිෂ්ට කඩුලූ රකින්නෙක්, නමුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩාවේ අනාගතය ගැන අවධානය යොමු කර ඒ අවස්ථාව දිනේෂ් චන්දිමාල්ට දෙනවා” ”සංගක්කාර වෙනුවට ළහිරු තිරිමාන්න සිවුවැනි තරගයට ක‍්‍රීඩා කරයි. තිරිමාන්න පන්දුවට පහර දෙන්නේ කුමන ස්ථානයේ ද යන්න මේ දක්වා තීරණයක් ගෙන නෑ” යැයි සංගක්කාරගේ පිතිකරු ස්ථානයේ හිදැස පිළිබඳව ශ්‍රී ලංකා පුහුණුකරු අදහස් දැක්වීය.