සංගක්කාරගෙන් පාකිස්තානයට එරෙහිව වාර්තාවක්


ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (03 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 135 ක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. පිට පිටම දෙවැනි වර පන්දුවට පහර නොදී සිටීම සඳහා ලකුණු 352 ක ඉලක්කයක් හඹා යන ශී‍්‍ර ලංකා පිල ඒ සඳහා තවත් ලකුණු 217 ක් ලබාගත යුතුය. අද ලකුණු 60 ක් ලබාගැනීමත් සමගම පාකිස්තානු පිලට එරෙහිව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් (2089) ලබාසිටි සුනිල් ගවස්කාර්ගේ වාර්තාව තමන් සතු කරගැනීමට සංගක්කාර සමත් විය. අද දිවා ආහාරය වන විට සංගක්කාර පාකිස්තානු පිලට එරෙහිව ටෙස්ට් තරග 15 කදී ලබා සිටි සම්පූර්ණ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 2101 කි. ඡායාරූප ශාන්ත රත්නායක