මෙල්බන්හිදී අද (28) අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයේදී තුවාල ලැබූ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සති හයත් අටත් අතර කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටිය යුතු බවට වෛද්‍ය උපදෙස් ලැබී ඇතැයි ඕස්ටේ‍්‍රලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඕස්ටේ‍්‍රලියානු වේග පන්දුයවන ක‍්‍රීඩක මිචෙල් ජොන්සන් යැවූ පන්දුවක් සංගක්කාරගේ වම් අතේ දබරැඟිල්ලේ වැදීමෙන් තුවාල වූ අතර එය ස්කෑන් පරීක්‍ෂාවකට ලක්කිරිමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.
ආබාධයකට ලක්ව සිටින වේග පන්දුයවන ක‍්‍රීඩක චානක වෙලගෙදරට සිඞ්නිහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයට සහභාගි විමේ අවස්ථාව අහිමිවී ඇති අතර ප‍්‍රසන්න ජයවර්ධන සහ නුවන් කුලසේකර ආබාධයන්ට ලක්ව සිටිය ද ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

