සංගක්කාර සති 6 ක් ක‍්‍රීඩාවෙන් ඉවතට


ඉන්දීය පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී තුවාල වීම නිසා ශ‍්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාරට සති හතරක හෝ හයක පමණ කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවී ඇති බව වාර්තා වේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමණාකරු රජිත ප‍්‍රනාන්දු මහතා ඒ බව තහවුරු කළේය. සංගක්කාර පන්දුවට පහර දෙමින් සිටියදී ඉන්දීය වේග පන්දු යවන ක‍්‍රීඩක අශෝක් ඩින්දාගේ පන්දුවක් දකුණු අතේ සුළගිල්ලේ වැදීමෙන් තුවාල විය. එහිදී සංගක්කාර ලකුණු 73 ක් රැුස් කළේය. එස්.එල්.පී.එල්. තරගාවලියේ ක`දුරට පිලේ නායක වන සංගක්කාරට එම තරගාවලිය ද අහිමිවේ.