ටෙස්ට් පිතිකරුවන් අතරේ විශිෂ්ටයන්ගේ කුලකය හෙවත් ටෙස්ට් ලකුණු 10,000 ඉක්මවූවන්ගේ සමාජය ඇතුළත් වීම සඳහා ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාරට තවත් ලකුණු 40 ක් අවශ්‍යව තිබේ. මේ වන විට ටෙස්ට් ලකුණු 9960 ක් ලබා සිටින සංගක්කාර අපේක්‍ෂා කරන්නේ ලබන 26 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී එම ඉලක්කය කරා යා හැකි බවයි.
වසර 135 ක ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ ලකුණු 10,000 ක් ලබා ඇත්තේ පිතිකරුවන් 10 දෙනකු පමණක් වන අතර මෙතෙක් මෙම කඩුල්ල පැනීමට සමත් වූ එකම ශී‍්‍ර ලාංකික පිතිරුවා වන්නේ මහේල ජයවර්ධනයි.
”ටෙස්ට් ලකුණු 10,000 ක් කියන්නේ සෙසු පිතිකරුවන් සහ තරමක් මතකයේ රැුඳෙන පිතිකරුවන් වෙන්කෙරෙන සීමාව වගේ දෙයක්. ඒ වගේ ඉසව්වකට ආසන්න වීමත්, එතැනින් ඔබ්බට යන්න ලැබීමත් ඉතාමත් සතුටුදායක දෙයක්” යයි සංගක්කාර මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
ටෙස්ට් තරග 114 කදී ශතක 30 ක් සමගින් ලකුණු 9960 ක් ලබා සිටින සංගක්කාරගේ ඉනිමක ලකුණු රැුස්කිරීමේ සාමාන්‍යය 55.64 කි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී වසරේ විශිෂ්ටතම කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානයද සමගින් තවත් අන්තර්ජාතික සම්මාන දෙකක් හිමිකරගත් සංගක්කාර, දෙවැනි ටෙස්ට් තරගයේදී මෙල්බර්න් නුවර වෙසෙන ශී‍්‍ර ලාංකිකයන්ගෙන් තමන්ට හොඳ සහයෝගයක් ලැබෙනු ඇතැයිද අපේක්‍ෂා කරයි.
”මෙල්බර්න් වගේම සිඞ්නි නුවරත් අපට ගෙදර වගේ”
”මවු බිමෙන් පිටතදී ඒ වගේ විශාල ශී‍්‍ර ලාංකිකයන් පිරිසක් දැක්කාම එය කී‍්‍රඩකයන්ගේ ආත්ම ශක්තිය වැඩි කිරීමට හේතුවක් වෙනවා”
”ඒත් ඒ එක්කම, ඒ තත්ත්වයෙන් උද්දාමයට පත්වී අමාරුවේ නොවැටීමටත් අප පරෙස්සම් වීමත් කළයුතු වෙනවා” යයිද සංගක්කාර පැවසීය.


