අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරිමේ පළමු ස්ථානයේ සිටි හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර දෙවැනි ස්ථානයට වැටී තිබේ. ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක මයිකල් ක්ලාක් මේ වන විට පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටියි.
දකුණු අප‍්‍රිකාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදී මයිකල් ක්ලාක් නොදැවී ලකුණු 259 ක් රැුස්කරමින් සිවුවැනි ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. දෙවැනි තරගයට පෙර ප‍්‍රසාද ලකුණු 857 ක් ලබා සිටි ක්ලාක් මේ වන විට ප‍්‍රසාද ලකුණු 890 ක් හිමිකරගෙන සිටියි.
නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසුව ද ප‍්‍රසාද ලකුණු 880 ක් ලබා පළමු ස්ථානයේ සිටි සංගක්කාර මේ වන විට දෙවැනි ස්ථානයට තල්ලූ වී තිබේ. සංගක්කාර සහ ක්ලාක් අතර මේ වන විට ප‍්‍රසාද ලකුණු 10 ක පරතයක් නිර්මාණය වී තිබේ.
