සංගක්කාර ටෙස්ට් පිතිකරුවන් අතර මුල් තැනට ළගාවෙයි


පාකිස්තානු පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 199 ක් ලබාගත් කුමාර් සංගක්කාර නැවත වතාවක් අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය කරා නැවතත් ළගා වෙමින් සිටී. පසුගිය ගාල්ල ටෙස්ට් තරගයෙන් අනතුරුව, පසුගිය අගහරුවාදා නිකුත් කරන ලද නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව සංගක්කාර ප‍්‍රසාද ලකුණු 850 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානය ලබාගෙන ඇත. ගාල්ල ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ප‍්‍රසාද ලකුණු 779 ක් ලබා ටෙස්ට් පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයේ සිටියේය.  ලයිස්තුවේ පළමු ස්ථානය ගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩක ෂිව්නරීන් චන්දර්පෝල්ට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 856 කි. ඒ අනුව ලබන සෙනසුරාදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී තවත් දිගුඉනිමක් කී‍්‍රඩා කිරීමට හැකි වුවහොත් නැවත වතාවක් අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය ගැනීමේ අවස්ථාව සංගක්කාරට තිබේ. ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා වන සංගක්කාර අවසන් වතාවට ටෙස්ට් පිතිකරුවන් අතර පළමුවැනි ස්ථානය ලබාසිටියේ 2011 නොවැම්බර් මාසයේදීය. මේ අතර ගාල්ල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් තිලකරත්න ඩිල්ෂාන් (28), ප‍්‍රසාද ලකුණු පුවරුවේ ස්ථාන 8 ක් ඉදිරියට පැමිණ සිටින අතර මහේල ජයවර්ධන (13) ස්ථාන දෙකකින්ද, ප‍්‍රසන්න ජයවර්ධන (45) ස්ථාන හතරකින්ද ඉදිරියට පැමිණ සිටිති. ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අපි‍්‍රකාවේ ඬේල් ස්ටෙයින් තවමත් පෙරමුණේ රැඳී සිටින අතර පාකිස්තානු දග පන්දු යවන්නා වන සයීඞ් අජ්මල් දෙවැනි ස්ථානයේ සිටී. සුරාජ් රන්දිව් ස්ථාන 12 ක් ඉදිරියට එමින් ටෙස්ට් පන්දු යවන්නන් අතර 41 වැනි ස්ථානය ලබා සිටින අතර නුවන් කුලසේකර 43 වැනි ස්ථානයේ සිටී. ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ස්ථානය 01. ෂිව්නරීන් චන්දර්පෝල්  (බටහිර කොදෙව්)  -  856 02. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකා) - 850 03. ඒ. බී. ඩිවිලියර්ස් (දකුණු අප‍්‍රිකාව ) -  821 04. ජැක් කලිස් (දකුණු අප‍්‍රිකාව) -  819 05. යුනිස් ඛාන් (පාකිස්තානය) -808 06 මයිකල් ක්ලාක් (ඕස්ටේ‍්‍රලියාව) -771 07. හෂිම් අම්ලා (දකුණු අප‍්‍රිකාව) - 763 08. රොස් ටේලර් (නවසීලන්තය) - 761 09. ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය) - 756 10. ගේ‍්‍රඒම් ස්මිත් (දකුණු අප‍්‍රිකාව) - 753 11. සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) - 749 12. තිලාන් සමරවීර (ශ්‍රී ලංකාව) - 742 13. මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) -  735 14. මිස්බා උල් හක් (පාකිස්තානය) -  734 15. ඉයන් බෙල් (එංගලන්තය) - 723 16. කෙවින් පිටර්සන් (එංගලන්තය) -  718 17. ජොනතන් ට්‍රොට් (එංගලන්තය) - 709 18. මයික් හසි (ඕස්ටේ‍්‍රලියාව) - 705 19. අසාර් අලි (පාකිස්තානය)  - 703 20. රිකි පොන්ටින් (ඕස්ටේ‍්‍රලියාව) - 691 තෝරාගත් ශ්‍රේණිගත කිරීම් 28. තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව) -  617 31. ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව)  - 580 36.  මොහොමඞ් හෆීස් (පාකිස්තානය)  - 551 38. අසාඞ් ෂෆීක් (පාකිස්තානය) -  544 45. ප‍්‍රසන්න ජයවර්ධන (ශ්‍රී ලංකාව) -  505 46 තවුෆීක් උමාර් (පාකිස්තානය) -  502 48. තරංග පරණවිතාන (ශ්‍රී ලංකාව) -  500 75. අද්නන් අක්මල් (පාකිස්තානය) -  336