මිගහතැන්න සමනළ වත්ත නිප්පොන් බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිවන අසූ අට රියන් පිළිම වහන්සේ ඇතුළු සංකස්ස පුර නිර්මාණයේ කටයුතු කඩිනමින් අවසන් වෙමින් පවතී .
මෙහි ඇස්තමේන්තු මුදල රුපියල් ලක්ෂ පන්සීයයකි.
ප්‍රදේශවාසී දායක කාරකාදීන්ගේ දායකත්වය ද මේ සඳහා ලැබෙන අතර විහාරාධිපති උඩගම සුමංගල හිමියන්ගේ විදේශ හිතවතුන්ගේ දායකත්වය ද මේ සඳහා ලැබී තිබේ.
අකුරැස්සේ සෝමදාස ගනේගොඩ සහ චන්ඳ්‍රසිරි ගනේගොඩ යන මූර්ති ශීල්පීන් විසින් මෙහි කටයුතු සිදු කරයි.
විහාරවාසී සාමනේර හිමිවරුන් ද ශ්‍රමයෙන් මේ සඳහා දායක වෙති.
දුරකතනය - 034 22 84 604
0718114807

