ෂෙලි ඈන් ෆේ‍්‍රෂර් කාන්තා මීටර 100 රන් පදක්කම දෙවැනි වරටත් දිනයි
ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ කාන්තා මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජැමෙයිකාවේ ෂෙලි ඈන් ෆේ‍්‍රෂර් සමත් වූවාය. ෆේෂර් 2008 බීජින් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ද මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකදී කාන්තා මීටර 100 ඉසව්වේ රන් පදක්කම පිට පිටම දිනූ දෙවැනි ක‍්‍රීඩිකාව බවට ද ඇය පත්වූවාය.
ෆේෂර් එහිදී තත්පර 10.75 කින් තරගය අවසන් කළාය. දෙවැනි ස්ථානයට පත් වූ ඇමරිකාවේ ජෙටර් කැමටිලා තත්පර 10.78 කින් ද, තෙවැනි ස්ථානයට පත්වූ වොරෝනිකා කැම්බල් තත්පර 10.81 කින් ද තරගය නිම කිරීමට සමත් වූහ.
ඇමරිකාවේ ගේල් ඩෙවර්ස් 1992 සහ 1996 වසරලදී මීට පෙර මීටර 100 ඉසව්වේ රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබේ.

