ෂීසෙල්ස්-ලංකා ගිවිසුම් හතරක්


සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා, පුහුණු ලාංකික ශ‍්‍රමිකයින්ට රැකියා අවස්ථා ලබාදීම හා කම්කරු සබඳතා යන විෂය ක්ක්‍ෂේත‍්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ෂීසෙල්ස් රජය අතර අවබෝධතා ගිවිසුම් හතරක් සඳහා අද (21) අත්සන් තැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට පෙර ආචාර වෙඩිමුර 21කින් සහ හමුදා උත්තමාචාරයකින් ෂීසෙල්ස් ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේය. අදාළ අවබෝධතා ගිවිසුම් යටතේ මෙරට ශ‍්‍රමිකයින්ට එරට රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් කටයුතු කෙරෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.