ශ‍්‍රී ලංකාවේ 152 වැනි එක්දින ක‍්‍රීඩකයා ඉසුරු උදාන


සංචාරක ඉන්දීය පිලට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (24) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ශ‍්‍රී ලංකාවේ 152 වැනි එක්දින ජාත්‍යන්තර ක‍්‍රීඩකයා ලෙස වේග පන්දු යවන ක‍්‍රීඩක ඉසුරු උදාන එක්දින වරම් ලැබීය. විස්සයි- 20 ලෝක කුසලාන තරගාවලියට ද සහභාගි වී ඇති ඉසුරු විස්සයි-20 අන්තර්ජාතික තරග හයකදී කඩුලූ 5 ක් දවාගෙන තිබේ. වමතින් වේග පන්දු යවන 24 හැවිරිදි ඉසුරු, කොළඹ ඞී. එස්.සේනානායක විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.