ශ‍්‍රී ලංකාවට ලකුණු 82 ක ජයක්
අජන්ත මෙන්ඩිස්ගේ (8/6) ලෝක වාර්තාගත පන්දු යැවීම නිසා සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (18) රාත‍්‍රි පැවැති තරගයේදී ශ‍්‍රී ලංකාව පිල ලකුණු 82 කින් සිම්බාබ්වේ පිල පරාජය කිරීමට සමත් විය.
ශ‍්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 4 ට 182 (ඩිල්ෂාන් මුණවීර 17, තිලකරත්න ඩිල්ෂාන් 39, මහේල ජයවර්ධන 13, කුමාර් සංගක්කාර 44, ජීවන් මෙන්ඩිස් නොදැවී 43*
සිම්බාබ්වේ ඕවර 17.3 කදී සියලූ දෙනා දැවී 100 (හැමිල්ටන් මැසකඞ්ෂා 20, විසි සිබන්ඩා 11, එල්ටන් චිගුම්බුරා 19, ඇලෙක්සැන්ඩර් ක‍්‍රීමර් 17, අජන්ත මෙන්ඩිස් 8/6, ජීවන් මෙන්ඩිස් 24/3)

