ශ‍්‍රී ලංකාවට ලකුණු 393 ක ඉලක්කයක්
ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (17) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 65 ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා පිල ජයග‍්‍රහණය සඳහා ලකුණු 393 ක ඉලක්කය සම්පූර්ණ කළ යුතු අතර කඩුලූ 8 ක් අතැතිව තවත් ලකුණු 328 ක් පසු පසින් සිටියි.
ඕස්ටේ‍්‍රලියා පිල පළමු ඉනිම ඕවර 131 කදී කඩුලූ 5 ට 450 සහ දෙවැනි ඉනිම ඕවර 73.5 කදී සියලූ දෙනා දැවී 278
(එඞ් කවන් 56, ඬේවිඞ් වෝනර් 68, පිලිප් හියුස් 16, මයිකල් ක්ලාක් 57, මයික් හසී 31, චානක වෙලගෙදර 89/3, රංගන හේරත් 96/5)
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 109.3 කදී සියලූ දෙනා දැවී 336 සහ දෙවැනි ඉනිම ඕවර 37 කදී කඩුලූ 2 ට 65
(දිමුත් කරුණාරත්න 30, කුමාර් සංගක්කාර නොදැවී 18)

