ශ‍්‍රී ලංකාව කඩුලූ 9 කින් ජයගනී


තිසර පෙරේරාගේ (19/3) සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ (14/3) විශිෂ්ට පන්දු යැවීමෙන් ඉන්දීය පිල ලකුණු 138 කට සීමාවීම නිසා සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (24) පැවැති දෙවැනි තරගයෙන් (දිවා/රාත‍්‍රි) ශ‍්‍රී ලංකා පිල කඩුලූ 9 ක පහසු ජයක් ලැබීය. ශ‍්‍රී ලංකා පිල මෙම ජයග‍්‍රහණයත් සමග තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමට සමත් විය. ඉන්දියාව ඕවර 33.3 කදී සියලූ දෙනා දැවී 138 (ගෞතම් ගාම්බීර් 65, විරේන්ද්‍ර සෙවැග් 15, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 21, ලසිත් මාලිංග 36/2, තිසර පෙරේරා 19/3, ඇන්ජලෝ මැතිව්ස් 14/3) ශ‍්‍රී ලංකාව ඕවර 19.5 කදී කඩුලූ 1 ක් දැවී 139 (උපුල් තරංග නොදැවී 59, තිලකරත්න ඩිල්ෂාන් 50)