ශ‍්‍රී ලංකාව කඩුලූ 3 ට 106 යි


ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) ජයග‍්‍රහණය සඳහා ලකුණු 251 ක ඉලක්කය හඹායන ශ්‍රී ලංකා පිල  ඕවර 20 ක් අවසන් වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 106 ක් රැස්කර සිටියේය. නවසීලන්තය  ඕවර 50 යේදී කඩුලූ 6 ට 250 (රොබ් නිකොල් 46, බ‍්‍රැඞ්ලි වොට්ලිං 55, රෝස් ටේලර් 72, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් නොදැවී 35, ලසිත් මාලිංග 39/2) ශ්‍රී ලංකාව  ඕවර 20 කදී කඩුලූ 3 ට 106 (තිලකරත්න ඩිල්ෂාන් 37, කුමාර් සංගක්කාර 11, මහේල ජයවර්ධන නොදැවී 36)