ශ‍්‍රී ලංකාව 18-28 කින් පිලිපීනයට පරදී


ආසියානු ප‍්‍රබල කණ්ඩායම් පහ අතර රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කොටසේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල ඊයේ (21) සහභාගි වූ තෙවැනි සහ අවසන් තරගයෙන් සත්කාරක පිලිපීනය හමුවේ ලකුණු 28-18 ක් ලෙස පරාජයට පත්විය. මෙම තරගය පිලිපීනයේදී රිෂාල් අනුස්මරණ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. මේ අනුව පිලිපීනය ප‍්‍රසාද ලකුණු 18 ක් ලබා පළමු ස්ථානයට ද, ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා දෙවැනි ස්ථානයට ද පත්විය.