ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම මහේල - සංගක්කාර අත
ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (17) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 65 ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා පිල ජයග‍්‍රහණය සඳහා ලකුණු 393 ක ඉලක්කය සම්පූර්ණ කළ යුතු අතර තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන අද (18) කඩුලූ 8 ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිල ජයග‍්‍රහණය සඳහා තවත් ලකුණු 328 ක් රැුස්කළ යුතුය.
සිවුවැනි දිනය අවසන් වන විට කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 18 ක් සහ මහේල ජයවර්ධන නොදැවී ලකුණු 5 ක් ලබා සිටියහ.
සිවුවැනි දිනය ආරම්භ වන විට කිිසිවකු නොදැවී ලකුණු 27 ක් ලබාසිටි ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිම ලකුණු 278 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී රංගන හේරත් ලකුණු 96 කට කඩුලූ 5 ක් දවාගැනීම කැපී පෙනුණි.
එඞ් කවන් (56) සහ ඬේවිඞ් වෝනර් (68) පළමු කඩුල්ල සඳහා ලකුණු 132 ක සම්බන්ධතාවක් පැවැත්විම නිසා ඕස්ටේ‍්‍රලියානු පිල දිවා විවේකය වන විට කඩුලූ දෙකක් දැවී ලකුණු 146 ක් ලබා සිටියේය.
ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පන්දුවට පහර දෙමින් සිටියදී ආබාධයකට ලක්වීමෙන් පිටියෙන් ඉවත්විය. ක්ලාක් පිටියෙන් ඉවත් වන විට පන්දු 46 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 57 ක් ලබා සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය ලබා සිටියේය.
මේලබන්හිදී මේ මස 26 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ක්ලාක්ගේ සහභාගිත්වය අවිනිෂ්චිත තත්ත්වයට පත්ව ඇති අතර එසේ වුවහොත් ෂේන් වොට්සන් නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

