ශී‍්‍ර ලාංකිකයන්ගේ කි‍්‍රකට් ඥාතියා ටෝනි ග්‍රෙග් සමුගනී


සිතීමටවත් කාලයක් ඉතිරි කර නොතබාම, ටෝනි ග්‍රෙග් සමුගෙන යන්නට ගියේය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලෝලීන්ගේ පමණක් නොව, කී‍්‍රඩකයන්ගේ මෙන්ම කි‍්‍රකට් නිලදරුවන්ගේත් නොමඳ ගෞරවාදරයට ලක්වූ ටෝනි ග්‍රෙග් නම් වූ කෘතහස්ථ රූපවාහිනී මාධ්‍යවේදියා නිහඬ විය.
දෙසැම්බර් 29 වැනි ‘ශෝකීය ශනිදා’ පෙරවරුවේදී ටෝනි ග්‍රෙග් මහතා අභාවප‍්‍රාප්ත වූයේ යැයි ලද අසුබ ආරංචිය ශී‍්‍ර ලංකාවේ විද්යුත් මාධ්‍ය රැසක් මගින් ඒ මොහොතේම ‘විශේෂ ප‍්‍රවෘත්තියක්’ ලෙසින් ප‍්‍රචාරය කර හැරියේත්, ශී‍්‍ර ලංකාව පුරා කි‍්‍රයාත්මක වන පුවත් වෙබ් අඩවි රැසකම ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය බවට පත්වූයේත්, දිනය අවසානයේදී රූපවාහිනී සහ ගුවන් විදුලි සේවාවන්හි ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් වූයේත් ටෝනි ග්‍රෙග් මහතාට ශී‍්‍ර ලාංකිකයන් දක්වන ඇල්ම මේ යයි මොනවට කියා පාමිනි.
‘ටෝනි’ යැයි බහුතරයක් විසින් හඳුන්වන ලද නමුත් ඔහුගේ ගමන් බලපත‍්‍රයේ නම සටහන් වී ඇත්තේ විලියම් ඇන්තනි ග්‍රෙග් ලෙසිනි. දෙමාපියන් විසින් දෙනු ලබන නම් කෙටි කිරීමේ බටහිර සිරිතට අනුව ඇන්තනි යන්න ‘ටෝනි’ යනුවෙන් කෙටි වී තිබේ.
1946 ඔක්තෝබර් 6 වැනිදා දකුණු අපි‍්‍රකාවේ කේප් ප‍්‍රාන්තයට අයත් ක්වින්ස්ටවුන් නගරයේදී උපත ලැබූ ටෝනි ග්‍රෙග් වැඩුනු කල්හි අඩි 6 අඟල් 6 ක් උස, දැවැන්ත පෞරුෂයකින් හෙබි පුද්ගලයකු විය. ඔහුගේ කි‍්‍රයා කලාපයන්ද එවැනිම ස්වරූපයක් ගත්තේය. ඇතැමකු සිතමටත් බිය උපදනා වූ කරුණු සම්බන්ධයෙන් ටෝනි සෙල්ලම් කළේය.
සෙනසුරාදා  ඕස්ටේ‍්‍රලියාවේ වේලාවෙන් පස්වරු 1.45 ට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ටෝනි ග්‍රෙග් අවසන් හුස්ම හෙළුෑ බව සිඞ්නිහි ශාන්ත වින්සන්ට් රෝහලේ ප‍්‍රකාශකයකු වන ඬේවිඞ් ෆැක්ටර් පවසා තිබිණ. හෘදයාබාධය ඇතිවීමෙන් අනතුරුව ටෝනි ග්‍රෙග් මහතා සැණෙකින් රෝහලට ඇතුළත් කර ඇතත් එයින් ප‍්‍රතිඵලයක් ඇතිවී නැත.
ග්‍රෙග් මහතා මුලින්ම අසනීප වූයේ පසුගිය අගෝස්තු සැප්තැම්බර් මාසවල  ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැති එක්දින තරගාවලියක් අතරතුරදීය. තරගාවලියෙන් අනතුරුව ගෙදර (සිඞ්නි නුවර) ගිය ටෝනිගේ දකුණු පෙණහැල්ලෙන් දියර ඉවත් කරන ලද අතර ඔහු පෙණහැල්ලේ පිළිකාවකින් පීඩා විඳින බව හෙළිදරව් විය.
එහෙත් කි‍්‍රකට් කී‍්‍රඩාව හැර යා නොහැක. ශී‍්‍ර ලංකාවේ පැවැති විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියේදීත් විස්තර විචාරයකයකු වශයෙන් කටයුතු කිරීමට ටෝනි ග්‍රෙග් පසුබට නොවීය.
විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියේදීත් ටෝනි ග්‍රෙග් මහතා කි‍්‍රකට් විස්තර විචාරයට පැමිණියේ සූරියවැව සහ පල්ලෙකැළේ කී‍්‍රඩාංගණ දක්වා සිය මෝටර් රථය පදවාගෙන යමිනි. ඊට ප‍්‍රධාතනම හේතුවක් වූයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම තමන්ගේ මූලික වටයේ සහ දෙවැනි වටයේ තරග සඳහා කී‍්‍රඩා කිරීමට නියමිතව තිබුණේ එම කී‍්‍රඩාංගණ දෙකේදී වන බැවිනි.
ලෝක කුසලාන තරග වලදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ලූහුබැඳීමේ පුරුද්දක් ටෝනි ග්‍රෙග්ට තිබිණ. ලෝක කුසලාන තරගාවලි හතරකදීම අවසන් මහ තරගය දක්වා ශී‍්‍ර ලංකා පිල මෙන්ම ටෝනි ග්‍රෙග්ද පැමිණියේය.
වසර ගණනාවක සිටම  ඕස්ටේ‍්‍රලියාවේ ‘චැනල් නයින්’ රූපවාහිනී සේවයට අනුයුක්තව සේවයේ නියුතු වූ ටෝනි ග්‍රෙග් ‘චැනල් නයින්’ රූපවාහිනී සේවයට මෙන්ම ශී‍්‍ර ලංකාවටද ආදරණීය මිනිසෙකු විය.


”ටෝනි ග්‍රෙග් කියන්නේ  ඕස්ටේ‍්‍රලියාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව හා සදාතනිකව බැඳී තිබෙන නමක්..... එංගලන්ත නායකයා ලෙසින් ඔහුගේ කී‍්‍රඩා දිවිය පැවැති කාලයේ සිටම ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාව සුවිශෙෂි යමක් කළ අයෙක්”
”තණතීරුවේ හැසිරීම ගැන කියන ඔහුගේ අපකීර්තිමත් ‘මෝටර් රථ යතුරේ’ කතාව විතරක් නොවෙයි, කෙරී පැකර් එක්ක එකතුවෙලා ලෝක ශූරතා තරමාලාව සංවිධානය කිරීමට ඔහු කළ පුරෝගාමී මෙහෙවරත් වසර ගණනාවක් පුරා අපව අමන්දානන්දයට පත්කළ කි‍්‍රකට් විස්තර විචාරයත් නිසා ඔහු සුවිශේෂී පුද්ගලයෙක්” යයි චැනල් නයින් රූපවාහිනී සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබිණ.
පසුගිය මාසයේදී  ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වෙද්දී ටෝනි ග්‍රෙග් ‘චැනල් නයින්’ රූපවාහිනී සේවයේ සිය සගයන් ඇමතීය.
”තත්ත්වය හොඳ මදි මිත‍්‍රවරුනි. ඇත්ත වශයෙන්ම නම් මා පෙනහළු පිළිකාවකින් පෙළෙනවා. දැන් ඇත්තේ මේ සම්බන්ධයෙන් ඔවුන්ට (වෛද්‍යවරුන්ට) කරන්නට පුළුවන් මොනවාද කියන එකයි” යයි ටෝනි ග්‍රෙග් සිය කණ්ඩායමේ සගයන්ට පැවසූවේ පෙනහළු සැත්කමට දින කිහිපයකට පෙරදීය.
දකුණු අපි‍්‍රකාවේදී උපත ලැබූවද ටෝනි කි‍්‍රකට් කී‍්‍රඩා කළේ එංගලන්ත පිලටය. 1972 - 1977 අතර කාලයේදී එංගලන්ත පිල වෙනුවෙන් ටෙස්ට් තරග 58 කට කී‍්‍රඩා කළ ටෝනි ග්‍රෙග් එහිදී ලකුණු 3599 ක් ලබාගත්තේ ශතක 8 ක් සමගිනි. ඔහුගේ ඉනිමක සාමාන්‍යය ලකුණු 40.43 ක් වූ අතර එකකට ලකුණු 32.20 ක් වන පරිදි ටෙස්ට් කඩුලූ 141 ක් දවාගැනීමටද හෙතෙම සමත් වී තිබේ.
ටෙස්ට් තරග 14 කදී එංගලන්ත පිලට නායකත්වය දුන් ටෝනි එක්දින තරග 22 කටද සහභාගි වී තිබේ.
ඉතාමත් විවාදාත්මක චරිතයක් වූ ටෝනි ග්‍රෙග්,  ඕස්ටේ‍්‍රලියානු ව්‍යාපාරිකයකු වූ කෙරී පැකර් සමග එක්ව ලෝක ශූරතා කි‍්‍රකට් තරගාවලිය (1977 - 79) ආරම්භ කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ අතර වර්තමානයේදී ඉමහත් ජනපි‍්‍රයත්වයට පත්ව ඇති දිවා/රාතී‍්‍ර කි‍්‍රකට් තරග වල ආරම්භය එය විය.
එවකට ලෝකයේ සිටි විශිෂ්ටතම කි‍්‍රකට් කී‍්‍රඩකයන් වූ ඩෙනිස් ලිලී, ඉම්රාන් ඛාන්, විවියන් රිචඞ්ස්, ඉයන් චැපල්, ක්ලයිව් ලොයිඞ් වැනි කී‍්‍රඩකයෝද මෙම තරගාවලියට කී‍්‍රඩා කළහ. කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ ගෙවීම් වැඩිකිරීමට පසුකාලීනව සෘජුවම බලපෑ කාරණාවද එයම විය.
ග්‍රෙග්ගේ මෙම පිම්ම ඔහුගේ කි‍්‍රකට් දිවිය මතභේදාත්මක ලෙසින් අවසන් වීමට කරුණක් වූ අතර පසුව ඔහු කෙරී පැකර්ටම අයත් වූ ‘චැනල් නයින්’ රූපවාහිනී සේවය සමග එක්විය. ටෝනි කි‍්‍රකට් විස්තර විචාරක අට්ටාලයට ගොඩවන විට ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාවේ දැවැන්තයන් වූ රිචී බෙනෝ, ඉයන් චැපල් සහ බිල් ලෝරි වැනි  ඕස්ටේ‍්‍රලියානු  පිලේ හිටපු නායකයෝද එහි සිටියහ.
කෙරී පැකර් සමග එක්ව කි‍්‍රකට් කී‍්‍රඩාවේ වාණිජ උල්පත පාදා දුන් නමුත් ටෝනි ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවට දැඩි සේ ඇළුම් කළ අයෙකි.
විස්සයි/20 කි‍්‍රකට් කී‍්‍රඩාව නිසා ලෝකයේ විශිෂ්ටතම තලයේ කි‍්‍රකට් කී‍්‍රඩාව වන ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවට වී ඇති ‘නස්පැත්තිය’ සම්බන්ධයෙන් මේ වසරේ ජූනි මාසයේදී කළ ‘කොලින් කවුඞ්රි අනුස්මරණ දේශනයේදී ලෝක කි‍්‍රකට් ලොක්කන්ට මෙන්ම ඉන්දීය කි‍්‍රකට් බලධාරීන්ටත් ඇස් ඇරෙන ටොක්කක් ඇනීමට ටෝනි පසුබට නොවීය.
ටෝනි ග්‍රෙග් යනු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ උන්නතිය වෙනුවෙන්ද දැවැන්ත දායකත්වයක් දැක්වූ තැනැත්තෙකි. අසන්නන්ගේ සිත් වසග කළ හැකි ඔහුගේ ගැඹුරු කටහඩින් ටෝනි ග්‍රෙග් ශී‍්‍ර ලංකා පිල ගැන ලොවට කීවේය.
”අපි ගැන කවුරුවත් නොදන්න කාලෙක, 90 දශකයේ මුල් භාගයේදී, අප ලෝක - කුසලාන දිනාගන්නත් ඉස්සෙල්ලා, අපි ගැන ඉතාමත් උනන්දුවෙන් කතා කළ අයෙක් තමා ටෝනි ග්‍රෙග් කියන්නේ”
”ඒ කාලයේ ඇතැම් දෙනා අපේ වාසගමවත් කියන්න ඒ තරම් උනන්දුවක් තිබුණේ නෑ. ඒත් ඒ වගේ කාලෙක ටෝනි ඇවිදින්, අපේ කි‍්‍රකට් කී‍්‍රඩාවට වශී වෙලා, අපි ගැන ලෝකෙටම කිව්වා. එයින් අපට ලැබුණ දේ අති විශාලයි” යයි ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය පැවසීය.
”මා ගැන, කළු ගැන, අරවින්ද ගැන, අර්ජුන ගැන.... ටෝනි කළ ප‍්‍රකාශයන් සමග ශී‍්‍ර ලංකාව කි‍්‍රකට් ලෝකයේ අමුතුම තැනකට ගියා. ඊට ඉස්සරවෙලා කවුරුවත් ඒ ගැන කතා කළේ නෑ”
”විශේෂයෙන්ම 1995, බොක්සිං දිනයේ ටෙස්ට් තරගයේදී (මෙල්බර්න් නුවරදී) මුත්තයියා මුරලිදරන් පන්දුව දමාගහනවා කියලා  ඕස්ටේ‍්‍රලියාවේ සියලූම කි‍්‍රකට් විචාරකයන් කියද්දීත් ටෝනි තනිවම නැගීහිටලා කිව්වා ඒක එහෙම නෙමෙයි කියලා”
”ලංකාවේ අපි හැමෝම ආදරේ කළ චරිතයක්... අපට දැනෙන්නේ අපේ ඥාතියෙක් වගේ..”
”ටෝනි නැතිවුණා කියන දේ මට තවමත් අදහාගන්න බෑ....” යයිද සනත් ජයසූරිය පැවසීය.
ටෝනි ග්‍රෙග් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩා රටාවට පමණක් නොව, ශී‍්‍ර ලංකාවේ කෑම බීමට, අන්නාසි කෑල්ලට, තැඹිලි ගෙඩියකට වශී  වී සිටියේය. ඔහු ශී‍්‍ර ලංකාවේ අන්නාසි කෑමට රුසියකු වන අතරම එහි ඇති විශිෂ්ට රසය පිළිබඳ දිගින් දිගටම වර්ණනා කළ අයෙකි.
කි‍්‍රකට් තරගාවලියක විස්තර විචාරය සඳහා පැමිණෙන අවස්ථාවන්හිදී, කොටි ත‍්‍රස්තවාදීන් සමග යුද්ධය පැවැති කාලයේදී පවා, තනිවම මෝටර් රථයක් පදවාගෙන ශී‍්‍ර ලංකාවේ මහා මාර්ග ඔස්සේ අස්සක් මුල්ලක් නෑර සැරි සැරූ ටෝනි ග්‍රෙග් ශී‍්‍ර ලාංකිකයන්ගේ හැසිරීම් රටාවන්ට ඇලූම් කළේ ඔවුන්ගේ හද ගැස්ම හඳුනා ගත් හෙයිනි.
පිළිකාවකින් පෙළෙන බව දැනගැනීමත් සමගම ඉක්මන් සුවය පතා ශී‍්‍ර ලාංකිකයන්ගෙන් ලද සුබපැතුම් දැඩි සේ අගය කළ ටෝනි තමන්ගේ ශී‍්‍ර ලාංකික මිතුරන් සමග පැවැති සම්බන්ධතා දිගටම පවත්වා ගත්තේය. එහෙත් පසුගිය සෙනසුරාදා පෙරවරුවේදී මාරයා විසින් එම සම්බන්ධතා සියල්ලම නතර කර දමන ලදි.
වසර 17 කට එපිටින් සිදුවූ ලෝක කුසලාන ජයග‍්‍රහණයෙන් පසුව කි‍්‍රකට් විස්තර විචාර කුටියේ ‘ටෝනි ග්‍රෙග්’ නැති කි‍්‍රකට් තරගාවලියක් ගැන ශී‍්‍ර ලාංකිකයන්ට සිතාගැනීමටවත් බැරිවිය. එහෙත් ඉදිරියේදී ටෝනි නැති අඩුව ඔවුන්ට දැනෙනු ඇත.