ශී‍්‍ර ලංකාව චීන තායිපේ පිලටත් පරදී


බෝර්නියෝ දූපත් සමූහයේදී පැවැත්වෙන එච්. එස්. බී. සී. කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකාව ලකුණු 17 - 14 කින් පරාජය කිරීමට චීන තායිපේ පිල අද (1 වනිදා) සමත් විය. චීන තායිපේ කණ්ඩායම ගෝල දිනුමකින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලබාගත්තේය. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සාලිය කුමාර සහ විශ්වමිත‍්‍ර ජයසිංහ ලබාගත් උත්සාහක දිනුම් ගෝල බවට පරිවර්තනය කරන ලදි. තරගයේ පළමු අර්ධය නිමා වෙද්දී ලකුණු 10 -07 ක් ලෙසින් චීන තායිපේ කණ්ඩායම ඉදිරියෙන් සිටියේය.