ශී‍්‍ර ලංකාව අභිමානය වෙනුවෙන් සටන් වදී
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉරණම මේ වන විටත් විසඳී තිබෙන නමුත් හෙට (4 වැනිදා) මහනුවර, පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පස්වැනි සහ අවසාන එක්දින තරගයේදී සියලූම ධෛර්යය යොදා කණ්ඩායමේ අභිමානය වෙනුවෙන් සටන් වදින බව ශී‍්‍ර ලංකා උප නායක ඇන්ජලෝ මැතිව්ස් කියයි. මහවැලි රීච් හෝටලයේදී අද (3 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මැතිව්ස් මේ බව පවසා සිටියේය.
”අප අපගේ අභිමානය වෙනුවෙන් සටන් වදිනවා”
”මේ තරගයේ ප‍්‍රතිඵලයෙන් තරගාවලියේ ඉරණම වෙනස් කරන්න බෑ කියලා අප දන්නවා තමයි. ඒත් කණ්ඩායමේ අභිමානය රැුකගන්නට මේ අවස්ථාව උපරිම වශයෙන් ප‍්‍රයෝජනයට අරගෙන තරගය ජයගන්න ඕනෑ” යයිද මැතිව්ස් ඊයේ පැවසීය.

