ශී‍්‍ර ලංකාව - ඕස්ටේ‍්‍රලියාව - එංගලන්තය - නවසීලන්තය ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයට වැටෙති
ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පමණක් දෙවැනි වන ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජුනි මස 6 වැනිදා එංගලන්තයේදී ඇරැඹෙයි. හත්වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරග ඉතිහාසයේ අවසන් තරගාවලියද වේ.
1998 වසරේදී ආරම්භ වු ශූරයන්ගේ කුසලාන තරගාවලිය ලෝක කුසලාන තරගාවලියෙන් පසුව වසර දෙකකට වරක් සංවිධානය කෙරේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) ලබන වසරේ සිට ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බැවින් එතැන් සිට ශූරයන්ගේ කුසලාන තරගාවලිය ක‍්‍රියාත්මක නොවේ.
2008 වසරේදී ශූරයන්ගේ කුසලාන තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ද, ආරක්‍ෂක හේතූන් මත තරගාවලිය 2009 වසර දක්වා කල් දැමිණ. අවසන් වරට දකුණු අප‍්‍රිකාවේදී පැවැති එම තරගාවලියෙන් ඕස්ටේ‍්‍රලියාව ජය ගත්තේය. නවසීලන්තය අනුශූරතාව හිමිකරගත්තේය.
2013 තරගාවලියේ මුලික වටයේදී ශ්‍රී ලංකාව ‘ඒ’ කොටසින් තරග වදියි. ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය සහ නවසීලන්තය ‘ඒ’ කොටසට අයත් සෙසු රටවල් වේ. ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දිය කොදෙව් ‘බී’ කොටසට ඇතුළත්වේ.
ශ්‍රී ලංකාව ජුනි මස 9 වැනිදා නවසීලන්තය සමග පළමු තරගයට සහභාගිවේ.

