දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වෙන සිවුදින තරගාවලියට සහ සිම්බාබ්වේහිදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම හෙට (21) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
මෙම තරගාවලි දෙකට සහභාගි වන ශ‍්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් සංචිත දෙකට ටෙස්ට් ක‍්‍රීඩකයන් හය දෙනෙක් ඇතුළත්ව සිටිති. චාමර සිල්වා, කෞෂාල් සිල්වා, ධම්මික ප‍්‍රසාද්, කෝසල කුලසේකර, චාමර කපුගෙදර සහ ෆර්විස් මහරුෆ් සංචාරයට සහභාගි වීමට නියමිත ටෙස්ට් ක‍්‍රීඩකයෝ වෙති.
තරග කාලසටහන
ජූනි 24-26 : තුන්දින පුහුණු තරගය
ජූනි 30 සිට ජූලි 3: ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර පළමු සිවුදින තරගය
ජූලි 6-9 : ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ අතර දෙවැනි සිවුදින තරග
සිම්බාබ්වේහිදී පැවැත්වෙන තුන්කොන් තරගාවලිය
ජූලි 13 - ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර තරගය
ජූලි 14 - ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ සිම්බාබ්වේ ‘ඒ’ පිල අතර තරග
ජූලි 15 - සිම්බාබ්වේ ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර තරගය
ජූලි 17 - ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර තරගය
ජූලි 18 - සිම්බාබ්වේ ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර තරගය
ජූලි 19 - ශ්‍රී ලංකා ‘ඒ’ පිල සිම්බාබ්වේ ‘ඒ’ පිල අතර තරගය
ජූලි 21 - අවසන් මහ තරගය