ශී‍්‍ර ලංකා යොවුන් රග්බි නායකයා රන්දික
මහනුවර ත‍්‍රිත්ව විදුහලේ රන්දික අල්විස් ආසියානු කුසලාන වයස 19 න් පහළ II වැනි කොටසේ රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් රග්බි පිලේ නායකත්වයට පත්කර තිබේ. ඉසිපතන විදුහලේ අරුන් කුමාර් උප නායකයා ලෙස නම් කර තිබේ.
තරගාවලියට සහභාගි වන 24 දෙනකුගෙන් යුත් මෙම සංචිතයට මෙවර ලීග් ශූරතාව දිනූ ඉසිපතන විදුහලේ ක‍්‍රීඩකයෝ හත් දෙනෙක් ඇතුළත්ව සිටිති. ඊට අමතරව මහනුවර ත‍්‍රිත්ව සහ කොළඹ රාජකීය යන විදුහල්වලින් ක‍්‍රීඩකයෝ තිදෙනෙක්ද ඊට ඇතුළත් වෙති.

