ශී‍්‍ර ලංකා පිලේ නායකයාට - කළමණාකරුට විනය පියවර ගන්න කි‍්‍රකට් ආයතනය සැරසෙය


විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ක‍්‍රීඩකයන්ට ගෙවන මුදල් පිළිබඳව පළවූ පුවත්පත් වාර්තාවකට පිළිතුරු සැපයීම නිසා ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන සහ කළමණාකරු චරිත් සේනානායක මහතා සම්බන්ධයෙන් විනය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් මාධ්‍ය නිවේදනයකින් කියැවේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මීළග විධායක කමිටු රැස්වීමේදී ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතය.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ක‍්‍රීඩකයන්ට ලැබිය යුතු මුදල් පිළිබඳව පුවත්පතක වාර්තා වීමෙන් පසුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායකයා, කළමණාකරු චරිත් සේනානායක මහතාගේ සහායද ඇතිව ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිකර ඇත. එහෙත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවසරයකින් තොරව එසේ මාධ්‍ය වෙත කරුණු දැක්වීම කී‍්‍රඩකයකු වශයෙන් මෙන්ම නිලධාරියකු වශයෙන්ද ක‍්‍රිකට් ආයතනයේ ගිවිසුම් උල්ලංඝණය කිරීමක් බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මාධ්‍ය නිවේදනයෙන් කියැවේ.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ක‍්‍රීඩකයන්ට ලැබිය යුතු මුදල් ක‍්‍රීඩකයන්ට, නිලධාරීන්ට මෙන්ම ක‍්‍රීඩාංගණ සේවකයන් අතරේත් බෙදී යා යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට යෝජනා කළ බවත් එම යෝජනාව පසුගිය 12 වැනිදා පැවැති විධායක කමිටු රැුස්වීමට ඉදිරිපත් කිරීමෙන් පසුව එය ප‍්‍රතික්ෂේප වූ බවත් මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ක‍්‍රීඩක වාර්ෂික ගිවිසුම අනුව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත ගෙවනු ලබන මුදලින් 25% ක් කී‍්‍රඩකයන්ට හිමිවන බවත් එය වෙනත් අයවෙත බෙදී නොයන බවත් ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතන පවයසි.