ශී‍්‍ර ලංකා පිලට ලකුණු 209 ක ජයක්


ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී පාකිස්තානය පරදවා ලකුණු 209 ක අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (25 වැනිදා) සමත්විය. තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 510 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානු පිල දෙවැනි ඉනිමේදී ලකුණු 300 කට දැවී ගියේය. මෙම ජයත් සමගින් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1‐0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. පාකිස්තානු පිලේ අවසන් කඩුල්ල දවාගැනීම සඳහා ජීවන් මෙන්ඩිස් විසින් ජුනයිඩ් ඛාන්ගේ උඩපන්දුව රැකගන්නා ලද අවස්ථාව ඡයාරූපය ශාන්ත රත්නායක