ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පෝර්ට් ඔෆ් ස්පේන්හිදී පැවැති එක්දින තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 39 ක ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා දින දෙකක් පුරා ඇදුණු මෙම තරගයේදී ල-ද ජයත් සමගින් සෙල්කොන් කුසලාන තුන්කොන් තරගාවලියේ අවසන් තරගය පෙනෙන මායිමට ශී‍්‍ර ලංකා පිල පැමිණියේය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 41 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 219 ක් ලබාගත් අතර ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව කොදෙව් පිල ඕවර 41 කදී ලකුණු 230 ක් ලබාගත යුතු විය. එහෙත් කොදෙව් පිලට ලබාගත හැකිවූයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 190 ක් පමණි.
මේ වන විට ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් දෙකම ප‍්‍රසාද ලකුණු 9 ක් බැගින් ලබා සිටියද ශූද්ධ ලකුණු වේගයේ ධන අගය මත ශී‍්‍ර ලංකා පිල ඉදිරියෙන් සිටී. ඉන්දියාවද ප‍්‍රසාද ලකුණු 5 ක් ලබා සිටි. එබැවින් ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගයේ ජයග‍්‍රහණයේ තත්ත්වය මත අවසන් තරගය සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගැනෙනු ඇත.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම
ශ‍්‍රී ලංකා කණ්ඩායම් ඉනිම
උපුල් තරංග - ඇ. බ‍්‍රාවෝ ප. හෝල්ඩර් 7
මහේල ජයවර්ධන - ඇ. ස්මිත් ප. රෝචි 7
කුමාර් සංගක්කාර - නොදැවී 90
දිනේෂ් චන්දිමාල් - ප. රෝචි 2
ළහිරු තිරිමාන්න - ප. සැමුවෙල්ස් 23
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. ස්මිත් ප. රෝචි 30
ජීවන් මෙන්ඩිස් - ඇ. චාල්ස් ප. රෝචි 8
නුවන් කුලසේකර - ඇ. බ‍්‍රාවෝ ප. හෝල්ඩර් 14
සචිත‍්‍ර සේනානායක - ඇ. බ‍්‍රාවෝ ප. පොලාඞ් 7
අතිරේක 31
එකතුව ඕවර 41 කදී කඩුලූ 8ක් දැවී 219
කඩුලු වැටීම:
1-19, 2-19, 3-29, 4-93, 5-139, 6-147, 7-201, 8-219
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
ලසිත් මාලිංග, ශමින්ද එරංග
පන්දු යැවීම:
කෙමාර් රෝචි : 8-2-27-4, ජේසන් හෝල්ඩර් : 8-0-50-2, ඩැරන් සැමී : 9-2-24-0, ටිනෝ බෙස්ට් : 6-0-42-0, මාලන් සැමුවෙල්ස් : 7-0-48-1, කරන් පොලාඞ් : 3-0-24-1
බටහිර ඉන්දිය කොදෙව් ඉනිම
ක‍්‍රිස් ගේල් - ඇ. එරංග ප. මැතිව්ස් 14
ජොන්සන් චාල්ස් - ඇ. සහ ප. එරංග 14
ඞ්වේන් ස්මිත් - ක.මු.කළා ප. 0
මාලන් සැමුවෙල්ස් - ඇ. ජයවර්ධන ප. එරංග 0
ඩැරන් බ‍්‍රාවෝ - ඇ. මෙන්ඩිස් ප. මැතිව්ස් 70
ලෙන්ඩල් සිමන්ස් - ඇ. තරංග ප. එරංග 67
කරන් පොලාඞ් - ඇ. සංගක්කාර ප. මාලිංග 0
ඩැරන් සැමී - ඇ. සහ ප. මාලිංග 3
කෙමාර් රෝචි - නොදැවී 8
ජේසන් හෝල්ඩර් - ප. මැතිව්ස් 0
ටිනෝ බෙස්ට් - නොදැවී 5
අතිරේක 9
එකතුව ඕවර 41 කදී කඩුලූ 9ක් දැවී 190
කඩුලු වැටීම:
1-25, 2-29, 3-29, 4-31, 5-154, 6-154, 7-172, 8-176, 9-177
පන්දු යැවීම:
නුවන් කුලසේකර : 1.5-0-8-0, ශමින්ද එරංග : 8-0-46-3, ළහිරු තිරිමාන්න : 4.1-0-16-0, ඇන්ජලෝ මැතිව්ස් : 8-1-29-4, සචිත‍්‍ර සේනානායක : 9-0-41-0, ලසිත් මාලිංග : 8-2-42-2, ජීවන් මෙන්ඩිස් : 2-0-8-0