ශී‍්‍ර ලංකා පිල අමාරුවේ වැටෙයි
ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (26 වැනිදා) සවස පැවැති මන්දාලෝකය නිසා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 43 ක් ලබා සිටියේය. නවසීලන්ත පිල සිය මුල් ඉනිම සඳහා ලකුණු 412 ක් ලබාගත් හෙයින් කඩුලූ 7 ක් පමණක් අතැතිව සිටින ශී‍්‍ර ලංකා පිල නවසීලන්තයට වඩා ලකුණු 369 ක් පසුපසින් සිටී.

