ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නිල අනුග‍්‍රහකත්වය පිරිනැමීමේදී ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අතර මත ගැටුමක් ඇතිවීමෙන් ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය සමග අනුග‍්‍රහය පිරිනැමීමේ ගිවිසුම අත්සන් කිරීම දින කිහිපයකින් කල්දැමීමට සිදුවී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් වෙනත් වසර වලදී මෙන් නොව, මේ වසරේදී එය ශී‍්‍ර‍්‍ර ලංකා තේ මණ්ඩලය සහ ඩයලොග් ආසියාටා සමාගම් දෙක සමගම ඇතිකරගනු ලබන ඒකාබද්ධ ගිවිසුමක් වන බවත්, ඩයලොග් ආසියාටා සමාගම සමග ගිවිසුම මේ වන විටත් අත්සන් කර ඇති බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස්ම නිලධාරියෙක් ‘ලංකාදීප’ට පැවසීය.
ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීම වෙනුවෙන් ඩයලොග් ආසියාටා සමාගම සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය එක්ව වසර තුනක කාලයක් සඳහා රුපියල් බිලියන 1.3 ක් (රුපියල් කෝටි 130 ක්) මුදලක් ගෙවීමට සූදානමින් සිටිති. ඒ වෙනුවෙන් ඩයලොග් සමාගම රුපියල් මිලියන 753 ක්ද ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය රුපියල් මිලියන 553 ක් ගෙවීමට එකග වී සිටිති.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියකු ඊයේ (26 වැනිදා) ලංකාදීපට පැවසුවේ තේ මණ්ඩලය සමග ගිවිසුම අත්සන් කිරීමට පසුගිය සතියේ සූදානම් වූ අවස්ථාවේදී තේ මණ්ඩලයේ අමතර ඉල්ලීම් කිපයක් නිසා ගැටලූකාරි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි.
”ඩයලොග් සමාගම සහ ක‍්‍රිකට් ආයතනය අතර ගිවිසුම මේ වන විටත් අත්සන් කර අවසන්. ඒ නිසා තේ මණ්ඩලයේ ඉල්ලීම් සේරම ඒ විදිහටම දෙන්න හැකියාවක් නෑ. මොකද මේ වන විටත් එම අවස්ථා ඩයලොග් සමාගමට අපි ලබාදී තිබෙනවා”
”කොහොම වුණත් ලබන සතිය ඇතුළතදී දෙපාර්ශ්වයටම එක`ගතාවකට එන්න පුළුවන් ආකාරයට මේ ප‍්‍රශ්නය විසඳාගන්න අප බලාපොරොත්තු වෙනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීමේ නව ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අන්ර්ජාතික තරගවලදී ක‍්‍රීඩක කමිසයේ ප‍්‍රධාන ලාංඡුනය (පපුවේ) ඩයලොග් සමාගමටද, දෙවැනි ලාංඡුනය (ක‍්‍රීඩකයාගේ හුරු අතේ) තේ මණ්ඩලයටද හිමිවේ. විදේශයන්හිදී පැවැත්වෙන තරග වලදී ක‍්‍රීඩක කමිසයේ ප‍්‍රධාන ලාංඡුනය (පපුවේ) ශී‍්‍ර ලංකා
තේ මණ්ඩලයටද, දෙවැනි ලාංඡුනය (ක‍්‍රීඩකයාගේ හුරු අතේ) ඩයලොග් සමාගමටද හිමිවේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරී මණ්ඩලය විසින් කරන ලද ටෙන්ඩර් කැඳවීමකින් පසුව ජාතික කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීමේ අවස්ථාව ඩයලොග් ආසියාටා සමාගමට සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයට පිරිනැමීමට තීරණය කර තිබුණි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේ ප‍්‍රශ්නයක් ඇති වී තිබෙන නමුත් එය විසඳාගත හැකි එකක් බවයි.