ශී‍්‍ර ලංකා - ඉන්දියා බොක්සිං තරගාවලිය අද


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ද්වන්ධ බොක්සිං තරගාවලිය අද (1) පස්වරු 6.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වේ. දෙරට අතර මේ දක්වා පැවැති බොක්සිං තරගාවලිවලදී ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව අත. ශ්‍රී ලංකා පිලේ එකම අපේක්‍ෂාව අද පැවැත්වෙන තරගාවලියේදී ඉන්දියාව පරදවා ශූරතාව දිනා ගැනීමයි. තරගාවලියට සහභාගිවන ඉන්දීය බොක්සිං කණ්ඩායම එරට ජාතික ශුරතා සහ ජාත්‍යන්තර පදක්කම් ලාභී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හත් දෙනකුගෙන් සමන්විතය. කිලෝග‍්‍රෑම් 49, 52, 56 සහ 60 යන බර පංති හතරකින් පිරිමි ඉසව්ද, කිලෝග‍්‍රෑම් 48, 51 සහ 54 යන බර පංතිවලින් කාන්තා ඉසව්ද තරගවලිය පැවැත්වීමට නියමිතය. කිලෝග‍්‍රෑම් 49 බර පංතියේ ඉන්දිය ක‍්‍රීඩක අමිත් සිං, ජාත්‍යන්තර තරගවලදී රන් පදක්කම් ලාභියකු වෙයි. අමිත්, ඉන්දියාවේ පැවැති ‘මිෂ්රා’ අන්තර්ජාතික බොක්සිං තරගාවලියේදී ලයිට් ෆ්ලයි බර පංතියේ රන් පදක්කම දිනා ගත් ක‍්‍රීඩකයාය. බැන්ටම් බර පංතිය නියෝජනය කරන අබේ සිං ලෝක කනිෂ්ඨ බොක්සිං තරගාවලිය නියෝජනය කළ ක‍්‍රීඩකයෙකි. සැප්තැම්බර් මස පැවැති ක්ලිෆර්ඞ් කුසලාන බොක්සිං තරගාවලියේදී මෙම බර පංතිවලින් දස්කම් දැක්වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ හත්දෙනා ශ්‍රී ලංකා පිලට ඇතුළත්ව සිටිති. ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අන්තර්ජාතික තරග අත්දැකීම් ලබා දීමේ අරමුණින් තරගාවලිය සංවිධානය කෙරේ. තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. තරග කාලසටහන: පිරිමි තරග කි.ග‍්‍රෑ 49 (ලයිට් ෆ්ලයි) - එරංග මධුෂාන් (ශ‍්‍රී ලංකාව) සහ අමිත් සිං (ඉන්දියාව) කි.ග‍්‍රෑ. 52 (ෆ්ලයි) - පී. ඞී. සුරේෂ් (ශ්‍රී ලංකාව) සහ ඒ. සලම්බරසන් (ඉන්දියාව) කි.ග‍්‍රෑ. 56 (බැන්ටම්) - එන්. ජී. එස්. ජයවීර (ශ්‍රී ලංකාව) සහ අබේ සිං (ඉන්දියාව) කි.ග‍්‍රෑ. 60 (ලයිට්) - ඒ. ඞී. ගුණතිලක (ශ්‍රී ලංකාව) සහ සුනිල් (ඉන්දියාව) කාන්තා තරග කි.ග‍්‍රෑ. 49 (ලයිට් ෆ්ලයි) - අනුෂා කොඩිතුවක්කු (ශ්‍රී ලංකාව) සහ පුජා ටෙක්ස් (ඉන්දියාව) කි.ග‍්‍රෑ. 51 (ෆ්ලයි) - එරන්දි සිල්වා (ශ්‍රී ලංකාව) සහ ශිවෙන්ද්‍රි කවිඳු (ඉන්දියාව) කි.ග‍්‍රෑ. 54 (බැන්ටම්) - විදුෂිකා ප‍්‍රබාදි (ශ්‍රී ලංකාව) සහ ප‍්‍රියා (ඉන්දියාව)