සෙනරත් බන්ඩාර
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පා පීඨ නවයේම සිසුහු අද (24) ගලහ හන්දියේ සිට පා ගමනින් පැමිණ පේරාදෙණිය නගරයේදී විරෝධතවක නියැලුනහ. පසුගිය 21 වැනි දා සිසුන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය තරයේ හෙළාදකින බව පේරාදෙණිය විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ සභාපති නන්ද හිමියෝ පැවැසූහ. සිසුහු මෙහිදී පඹයකුට ද ගිනි තැබූහ.



