ශිවන්ති මීටර 400 රන් පදක්කම දිනයි
කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර 400 ඉසව්ව තත්පර 55.91 කින් නිම කළ ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා ශිවන්ති රත්නායක රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. මෙය මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්ම ද වේ.

